‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ ජනගත කෙරේ

0
94

එළඹෙන අප්‍රියල් 05වන දිනයේ දී මෙරට ප්‍රථම තරුණ පිබිදීම වූ 71 අරගලයට වසර 50ක් සපිරේ.

එමඅරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රංජිත් දිසානායක හෙවත් ‘‘කළු රංජිත්’’ගේ ජීවන අත්දැකීම් අළලා ජයසිරි අලවත්ත විසින් රචිත ‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ කෘතිය අප්‍රියල් පස්වන දින සවස 03.00ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවගේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කිරීමට කටයුතු යොදා තිබේ.

මෙහි මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ 71 තවත් ක්‍රියාකාරී සාමාජිකයකු වූ පියසිරි කුලරත්න විසිනි.

නිදහස් අදහස් දැක්වීම් මහින්ද දේශප්‍රිය සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් පවත්වනු ලබන අතර ‘සත්සර ඇමතුම’ අජිත් කුමාරසිරිගෙනි.

“කළු රංජිත් සුදු මිනිසෙකි” කවිවර ප්‍රකාශනයකි.

“කළු රංජිත්”ට ආදරය කරන සියලු දෙනාට ම එම අවස්ථාවට සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටී.

Facebook Comments

wedding people