නිර්මාණකරුවා පෝෂණය කරන්නේ අත්දැකීම්

0

මිනිස්සු බොන්නේ ඇයි ?

ම්ම්ම්, පොඩ්ඩක් රිලැක්ස් වෙන්න, ඩ්‍රින්ක් එකක් දැම්මම ස්ට්‍රෙස් නැතිවෙන නිසා, නැත්නම් බිව්වම අළුත් අදහස් ගලාගෙන එන නිසා. ඉතිං, දවසක බීලම බලන්නකෝ.
හ්ම්‘

ඔය අතරේ එක දවසක මෙහෙම උත්තරයක් හමුවෙනවා.

‘මගේ ජීවිතේ සමහර අවස්ථා වලදී ස්ථිර රැකියාවක් වත් නැතිව දුක්විඳලා තියෙනවා. අතේ සතේ නැතිවුණාම ගෑණු පවා කරදර කරන්නේ නැහැ. බිත්ති දිහා නිකං ඔහේ බලාගෙන ඉන්න එක මොහොතක් තියෙනවා, ගෙවල් කුලී ගෙවන්නේ කොහොමද ? ඊළඟට කන්නේ මොනවද ? වගේ දේවල් ගැන නිමාවක් නැති සිතිවිලි ගලා එනවා. සිද්ධවෙන දේවල් තවත් දරුණු වුණාම එක මොහොතක් හරි හොඳයි කියලා දැනෙන්නේ, බොහොම ලාභෙට හීන ගෙනැත් දෙන්නේ මේ ඇබ්බැහියෙන් විතරයි.‘ ඔහු Charles Bukowski.

ඔහුගේ ලේඛනයට පදනම් වෙන්නේ ලොස් ඇන්ජලීස්හි ජීවත්වුණු මිනිස්සුන්ගේ දුක, කඳුළ, සිනහව හා සල්ලාලකම වගේ කරුණුයි. Bukowski කවි දහස් ගාණක්, කෙටිකතා සිය ගාණක් හා නවකතා හයක් රචනා කරනවා. ඇමරිකාවේ පහළ මට්ටමේ මිනිසුන් අයත් සමාජයේ සම්භාවනාවට ලක්වෙන සාහිත්‍යධරයා ලෙස ‘ටයිම්‘ සඟරාව (1986) ඔහුව නම්කරනවා.

පුද්ගලයෙකුගේ අවලස්සන හෝ නොහැකියාව, ලස්සන නිර්මාණ බිහිවීමේ පදනම වියහැකිද ? මූණපුරාම අවලස්සන ගෙඩිවලින් පිරුණු තරුණ Bukowskiව මිතුරන් අතර ප්‍රතික්ෂේප වෙන්නේ ඔහුගේ ඒ පෙනුම, ජර්මන් හුරුවකින් ඉංග්‍රීසි බස හැසිරවීම හා මාපියන් ඔහුට අඳින්නට නියමකර තිබුණු ඇඳුම් විලාසිතා නිසයි. මේ නිසාම මිතුරන් සමග කල්ලි ගැහීම වෙනුවට ලැජ්ජාශීලී තරුණයෙකු, පියාගේ පහරදීම් ආයාසයෙන් දරාගන්නකු ලෙස ලේඛනය තුළ අත්හදාබැලීම් කරන්නට Bukowski සමත් වෙනවා.

‘මම කවි ලියන්න පටන්ගත්තේ අවුරුදු 13 දී විතර. ඒ කාලේදී මගේ #මුළුසිරුරපුරාම ගෙඩි ඇවිල්ලා තිබුණා. ලොකුවට ඇවිල්ලා තිබුණු මේ ගෙඩි වලට නිසි ප්‍රතිකාරයක් කරගන්න හැකිවුණේ නැහැ. ඒත්, කුඩා වයසකදී ඒ වයසේ කෙනෙක්ට විඳින්න නොහැකි #දරුණුවේදනාවක් මා අත්වින්ඳා. කුඩාවියේදී හොඳ අධ්‍යාපනයක් ලැබුවත් කවදාවත් කොලීජියකට ගියේ නැහැ. ජීවිතේ ගැටගහගන්න #රස්සා100 කටත් වැඩි ගණනක් කළා. ඒ අතරින් සමහර ඒවා අනාරක්ෂිත ඒවා. අවුරුදු 35 වෙද්දි මං දරුණුවටම බීමට ඇබ්බැහි වෙලා හිටියා. අවසානයේදී මගේ නාහෙන් කටින් ලේ ගලායන්න ගත්තා, මැරෙන්න ඔන්න මෙන්න තත්ත්වෙක හිටියේ. පවුලේ අය මාව අනාථයින් වෙනුවෙන් වූ වාට්ටුවකට අරන් ගිහිං මියයන තෙක් බලාගෙන හිටියා. ඒත්, මං මැරුණේ නැහැ. අවසානයේදී ටිකට් කැපුවා. ට්‍රක් රථ පැදෙව්වා. මේ සමග කවි ලියන්නත් පටන් ගත්තා. ඇත්තටම, වසර 10 ක පමණ කාලෙකට පස්සේ මං මොකුත්ම ලියලා තිබුණේ නැහැ.‘

බුකොව්ස්කිගේ කවියක කොටසක්

නිර්මාණකරුවා පෝෂණය කරන්නේ අත්දැකීම්. Bukowski යළිත් සිය අත්දැකීම් සිහිපත් කරනවා. ‘මං කවි ලිව්වත් ඒවා යවන්න ඕන කොතැනටදැයි කියලා දැනගෙන හිටියේ නැහැ. ඉතිං මම ටෙක්සාස් වල මුද්‍රණය වුණු ජනප්‍රිය නොවුණු සඟරාවක් තෝරගෙන මගේ කවි ඔක්කොම ඒකට යැව්වා. මං හිතුවේ මේ කවි නිසා සඟරාවට කවි තෝරන කවුරු හරි වයසක කාන්තාවකට තරහ ගිහිං ඇය ඒ කවි නැවතත් මට එවාවි කියලයි. ඒ වෙනුවට ඇය මට දිග ලියුමක් එව්වා. මං බුද්ධිමතෙක් කියලා ඒ ලිපියේ ලියා තිබුණා. ඉතිං ඈ මාව හමුවන්න ආවා. එකිනෙකා දැනහඳුනාගත්තා. අවසානේ විවාහ වුණා. විවාහෙන් පස්සේ මං නිසාම ඇය පෝසත් වුණා, ඒක නරකට හිටියා. අවුරුදු දෙකකට පස්සේ එයා මාව දික්කසාද කළා. ඒ ගැන නම් මට සතුටුයි. ඊටපස්සේ මට තවත් කාන්තාවක් මුණගැහුණා. ඇය Francis, දැන් අපිට දුවෙක් ඉන්නවා.‘

Bukowskiගේ මුල් කාලයේ රචනාවන් පළවූයේ සඟරා වලය. Story නම් සඟරාවේ Aftermathofa Lengthy RejectionSlip නම් කෙටි කතාව පළවන විට ඔහුගේ වයස අවුරුදු 23 කි. වසර 10ක කාලයක් දැඩි ලෙස මතට ඇබ්බැහි වී සිටි Bukowski, ඔහුම පවසන අන්දමින් තරමක නිහඬ ජීවිතයක් ගත කළේය. මේ වසර දහය තුළ ඔහු විඳි අත්දැකීම් පසු කාලීනව කළ නිර්මාණ වලට පදනම් විය. ඔහුගේ නිර්මාණ ජීවිතය ගැන ද මෙහිදී සඳහන් කළයුතුය. Factotum හා Women නවකතා අතරට අයත් වන අතර Scarlet,Love Is a Dog from Hell, On Love හා On Cats කාව්‍ය කෘතීන් අතරට අයත්ය. ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් සිය 73 වන විය පසුකරමින් සිටියදී Bukowski සිය අවසන් නවකතාව වූ Pulp (1994) රචනා කළ අතර ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ බෞද්ධ භික්ෂූන්ගේ දායකත්වයෙනි.

ජීවිතය හා මරණය ගැන Bukowski ලියූ වැකියකින් මේ සටහන නිමා කරන්නම්. ‘ඔබ, ජීවිතය සැබෑවටම අත්විඳින්නට පෙරාතුව කිහිපවරක්ම මියයන්නට සිදුවනු ඇත‘.

පරිවර්තනය – වින්ද්‍යා ගම්ලත්
සත්හඬ

Facebook Comments

wedding people