ඉතාලියේදී කොරෝනා වැළඳී ලාංකිකයකු මැරුණු කතා බොරු

0

ලොව වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇති ඉතාලියේ විසු ලාංකිකයකු මල බවට එරට වාර්තා අනුව යමින් ලංකාවේ මාධ්‍ය පළ කරන ලද වාර්තා අසත්‍ය බව හෙළිව තිබේ.

ලෝකයේ වැඩිම කොරෝනා මරණ සිදුවූ ඉතාලියේ වෙසෙන හැත්තෑ හැවිරිදි ශ්‍රී ලාංකිකයකු මළ බවට විදේශ කටයුතු අමාත්‍යංශය උපුටා දක්වමින් ලංකාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

එම මාධ්‍ය වාර්තා පළ වී පැය කිහිපයකින් පසුව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලාංකිකයකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු වී නොමැති බව රෝමයේ පිහිටි තානාපති කාර්යාලය විසින් දන්වන ලද බවයි.

මේ සම්බන්ධව සිලෝන් නිවුස් කළ සොයා බැලීමේදී හෙළි අනාවරණය වුයේ ඉතාලියේ පුවත් වෙබ් අඩවියක පළ වු වැරදි පුවතක් අනුගමනය කරමින් මෙරට මාධ්‍ය විසින් එම පුවත වාර්තා කර ඇති බවයි.

කොරෝනා රෝගය වැළඳී 24 අඟහරුවාදා මෙසිනා නගරයේ සිදුවු දෙවැනි මරණය අවුරුදු 80ක ඉතාලි ජාතික පිරිමි පුද්ගලයෙකු මිය ගොස් ඇති නමුත් එම පුවත වාර්තා කළ වොචෙ දි පොපොලෝ (ජනතා හඬ) වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුනේ 70 හැවිරිදි ලාංකිකයකු මළ බවටයි.

වැරදි පුවත

කෙසේ නමුත් “කලබලයට වෙච්චි අත් වැරදීමක්” වූ එම පුවත පළ කර විනාඩි කිහිපයකින් නිවැරදි කිරීමට පියවර ගත් බව ඉතාලියේ මෙසිනා නගරයේ සිට පළ කරන එම වෙබ් අඩවිය පවසයි.

“කොරෝනා නිසා මැරුණ අය ගැන ප්‍රවෘත්ති ගොඩක් එනවා අපිත්, වෛද්‍යවරුත් කලබලයෙන් ඉන්නේ. මෙසීනා වල රෝහලේ ලංකාවේ තුන් දෙනෙක් දැනට කොරෝනා හැදිලා ඉන්නවා. ඒ එක්කෙනෙක් අවුරුදු 70ක කෙනෙක්. මම මුලින්ම වාර්තා කළේ එයා මැරුණා කියලා. ඒත් ඒ පුවත පළ කරලා විනාඩි කීපයකින් මට තහවුරු කර ගන්න ලැබුනා මැරිලා තියෙන්නෙ එයා නෙමෙයි අවුරුදු 80ක ඉතාලි ජාතිකයෙක් කියලා. මේක කලබලයට වෙච්ච අත් වැරදීමක්,” යැයි වොචෙ දි පොපොලෝ වෙබ් අඩවියේ ජියෝ පොපොලෝ සිලෝන් නිවුස් කළ විමසීමක දී දුරකතනය ඔස්සේ පැවසීය.

නිවැරදි පුවත

මෙසිනා වාසී ලාංකිකයන් කිහිප දෙනෙකු සිලෝන් නිවුස් හා කියා සිටියේ මේ මාසය තුලදී කොරෝනා රෝගය හේතුවෙන් ශ්‍රී ලාංකිකයකු මිය ගිය බව දැන ගන්නට නැති බවයි.

Facebook Comments

wedding people