වසංගත අනපනත් අයුතු ලෙස යොදා ගනිමින් බලහත්කාරයෙන් උතුරේ රඳවා ගෙන සිටි වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් ඇතුළු දකුණේ ක්‍රියාධාරීන් දින නමයකට පසු පිටව ගියේ තම අරගලය දිගටම ගෙනයන බවට සහතික වෙමිනි.
අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව සටන් වැදීම නිසා අත් අඩංගුවට ගන්නා ලද ඔවුන් පිරිස නිදහස් කරන ලෙස බලකරමින් උතුරේත් දකුණේත් දියත් කෙරුණු විරෝධතා ආණ්ඩුවට ඇතිකළේ දැවැන්ත බලපෑමකි.
කේපාපිලවූ හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙන් ජූලි 16 දා රාත්‍රියේ පිටතට ගෙනයන පොලිස් බසය නවතා එයින් බැසගත් ගුරු නායකයා ඇතුළු පිරිස උතුරේ මාධ්‍යවේදීන්ට තම ස්තුතිය පුදකළහ.