මාධ්‍යවේදියාට පහර දුන්නේ නාවික හමුදාපතිද නාවික හමුදා මැරයෙක්ද (VIDEO)

0
හම්බන්තොට වරයේ සේවකයන් යටතේ තිබු විදේශිය නැවක් මුදා ගැනීමට යෑම පිළිබඳව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාට පහර දුන්නේ නාවික හමුදාපතිවරයාද නැතහොත් නාවික හමුදාවේ පැරයෙක් යන ප්‍රශ්නය පැන නැ‍ගේ.

පහර දුන් තැනැත්තා නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ලෙස හඳුනා ගන්නට හැකි වුවද ඔහු එම මෙහෙයුමට සහභාගිවී ඇත්තේ සිවිල් ඇඳුම්මෙන් වන අතර තම නිළයට නොගැළපෙන ලෙස හැසිරෙන අයුරු විඩියෝ පට වල දැක්වේ.

නාවික හමුදා පහර දීමෙන් මාධ්‍යවේදින් දෙදෙනෙක් තුවාළ ලබා ඇති අතර පහර කෑමට ලක් වු එක් මාධ්‍යවේදියෙක් සුරියවැව රෝහලට ඇතුලත් කර තිබේ.

තම සේවකයන්ට හා මාධ්‍යවේදින්ට පරුෂ වචනයේ බැන වඳිමින් හා පහර දෙමින් ඔහු එම මෙහෙයුමදී හැසිරී ඇත්තේ නාවික හමුදාපති ලෙස නොව මැරයෙක්ගේ ස්වාභායෙන් බවයි වරාය වෘත්ති සමිති පවසන්නේ.

චණ්ඩි පාර්ට් සේවා දිගුවට

නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මාධ්‍යවේදියකුට පහර දී මැරයෙක් ලෙස හැසිර ඇත්තේ වසරක සේවා දිගුවක් ඉල්ලා තිබියදී බව ශ්‍රී ලංකා මිරාර් වෙබ් අඩිවිය වාර්තා කරනවා.

ඉකුත් ජූලි 24 වැනිදා ඔහු සේවා දිගුව ඉල්ලා ඇති අතර එයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර නොමැති අතර එම හේතුවෙන් රජය අපහාසුතාවට පත් කිරිමේ අරමුණින් සිතා මතා මෙය සිදු කරන්නට ඇති බවට සැක මතු වන බවට එම වෙබ් අඩවිය පවසනවා.

රතු පස්වල නිර්දේශ

පසුගිය රජය සමයේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අතුළු යුද හමුදා පිරිසක් ජනමාධ්‍යවේදීන්ට පහර දීම සහ වර්තමානයේ නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මාධ්‍යවේදින්ට පහර දීම යන සිදුවීම් දෙක අතර වෙනසක් නොමැති බවට ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ප්‍රසිද්ධියේ මාධ්‍ය විසින් රජය විවේචනය කලද මාධ්‍යවෙිදින්ට හිරිහැර නොවන බව සහ මාධ්‍ය නිදහස ඇතැයි යන්න රජය සිදුකරන ප්‍රකාශ හුදු වාග් ප්‍රලාප පමණක් ම බවට එම සංගමය චෝදනා කරන්නේ සිද්ධිය හෙළා දකිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

රතුපස් වල සිද්ධියේදී මාධ්‍යවේදින්ට සිදු වු මාධ්‍යවේදීන් අපහසුතාවට පත්වීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දුන් නිර්දේශ ක්‍රියාත්මක කළේ නම් මෙවන් සිදුවීම් යළි යළිත් සිදු වීමට ඉඩ නොතිබෙන්නට තිබු බවට ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විශ්වාසය පළ කරනවා.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, පොලිස්පතිගෙන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට මේ වනවිටත් ඉල්ලීමක් කර ඇත.

Facebook Comments

wedding people