තුන් දශකයක යුද්ධයෙන් දිවි තොරවූ විමුක්ති කොටි සටන්කරුවන් ඇතුළු දස දහස් සංඛ්‍යාත දෙමළ ජනකාය අනුස්මරණය කරමින් දහස් සංඛ්‍යාත දෙමළ ජන සහභාගිත්වයකින් යුතුව යුද්ධය නිමවිමෙන් පසු දෙවන වතාවට මහවිරු දිනය උතුරු නැගෙනහිර ප්‍රසිද්ධියේ සමරන ලදී.
ශ්‍රී ලංකා රජයේ යුද හමුදා විසින් බිමට සමතලා කරන ලද කිලිනොච්චියේ කනගපුරම් මහවිරු සුසානය නැවත පාදාගෙන 27 සඳුදා පවත්වන ලද අනුස්මරණ පූජාවට අති මහත් ජනකායක් හඬා වැලපෙමින් එක්ව සිටි බව සිලෝන් ජර්නල්ස් වාර්තාකරුවෝ පවසති.
යුද්ධයෙන් දිවි අහිමිවූ සිය නෑසියන් සිහිපත් කොට ප්‍රදේශ ගණනාවකම පැවති පුෂ්පදීප උපහාර සඳහා දෙමළ දේශපාලකයන්, හිටපු එල්ටීටීඊ ඇතුළු විවිධ කණ්ඩායම් වල දායකත්වය ලැබී තිබුණි.
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින්ද යාපනය විශ්වවිද්‍යාලය තුළ පිහිටි මහවිරු පිළිරුව ඉදිරිපට පහන් දල්වමින් මහවිරු සමරුව පැවැත්වා තිබේ.
යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් එහිදී රුක් රෝපන වැඩ සටහනක්ද ක්‍රියාත්මක කර ඇත.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් ලේ දන් දීමේ ව්‍යාපාරයක්ද දියත් කර තිබෙන අතර එම විශ්වවිද්‍යාලයේ පැවැති මහ විරු සැමරුම කළා සහ සංස්කෘතික පීඨය විසින් සංවිධානය කර තිබෙන අතර එහි මුලිකත්වය ගෙන ඇත්තේ එම ශිෂ්‍ය සංගමයයි.
ශ්‍රී ලංකා යුද හමුදාව වාඩිලා සිටින යාපනය චාවකච්චේරි කොඩිකාමම් මහවිරු සුසාන භුමිය ඉදිරිපිට මාර්ගයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අනුස්මරණ පුජාව පවත්වද්දී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිංහල ගීත වාදනය කරමින් එම සැමරුමට බාධා කල බව අප වාර්තාකරුවෝ පවසති.
යුද හමුදාව අත්පත්කරගෙන සිටින යාපනය කෝපායි සුසාන භුමිය ඉදිරිපිට පිහිටි ද සමරුවක් පවත්වන ලදී.
විදේශගත දෙමළ ජනතාව තම නෑසියන් අනුස්මරණය කරනු පිණිස ස්විට්සර්ලන්තය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඉතාලිය, ඕලන්දය සහ නෝර්වේ යන රටවල මහවිරු සමරු පැවැත්වුහ.