‘ආරක්ෂකයන්’ හවුල් වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මුස්ලිම් ගම්මු බියෙන් (VIDEO)

0

මුස්ලිම් විරෝධී ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබුවන් තවදුරටත් බලධාරීන්ගේ අඩන්තේට්ටම් වලට ලක් වෙතැයි බියෙන් රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ කුලියාපිටිය මාර්ගයේ නාත්තන්ඩිය තුම්මෝදර ප්‍රදේශයේ මුස්ලිම්වරුන් බහුතරයක් රැඳී සිටින ගම්මානයක් ඉලක්ක කර ගනිමින් 13 සඳුදා රාත්‍රියේ ඇඳිරි නීතිය බලපැවැත්වෙද්දී මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගතවුවහොත් රෝහලේ කාර්ය මණ්ඩලයේ සහ අනෙක් රෝගීන්ගේ හිරිහැරයන්ට ලක් වෙතැයි බියෙන් තමන් රෝහල් ගත නොවු බවට නම හෙළි කරනවාට බියක් දැක්වු පිලීස්සුම් තුවාල ලද තරුණයකු සිලෝන් නිව්ස් හා කියා සිටියේය.

“කට්ටිය ගහන්න ආපුවාම මම බය වුනා. මට පැන ගන්න විදිහක් තිබුණෙ නැහැ. මම ඇඳ යට හැංගුනා. ආපු අය අපේ ගෙදර පෙට්‍රල් බෝම්බයක් ගැහුවා මම ඒකට අහු වුනා. මට පැන ගන්න විදියක් තිබුනෙ නැහැ.” යැයි ඔහු පැවසීය.

තරුණයාගේ මුහුණේ කොටසක් හා එක් අතක් පිලිස්සු තිබෙනු තමන් දුටු බව ප්‍රහාරයට ලක්වු ප්‍රදේශයේ වාර්තාකරණයේ නිරත වු සිලෝන් නිව්ස් වාර්තකරු පවසයි.

මුස්ලිම් පුද්ගලයන්ට අයත් නිවාස කිහිපයක්ම සම්පුර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබෙනු දැකගන්නට ලැබී තිබේ.

වයඹ පලාතට ඇඳිරි නීතිය පනවා පැයකට පසුව පමණ තම ගම්මානයට ප්‍රහාර එල්ල කළ බව පවසන ගම්වාසීහු ආරක්ෂක අංශ ප්‍රහාරය නැවැත්වීමට ප්‍රමාණවත් උත්සාහයක් නොගත් බවට චෝදනා කරති.

“කඩු පොලු අරගෙන අපිට ගහන්න ආවා. අපි පල්ලිය ආරක්ෂා කර ගන්න පල්ලියට වෙලා හිටියා. හමුදාවේ අය පල්ලියට ගහන්න ඉඩ දීලා අහසට වෙඩි තිබ්බා. එතකොට උන් ගියත් ටික වෙලාවකින් ගම පිටිපස්සෙන් ඇවිත් ගැහුවා.” යනුවෙන් ප්‍රහාරයට මුහුණ දුන් ගම්වාසියෙකු සිය අත්දැකීම විස්තර කළේය.

ගම්මානයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා මැරයින් බටයන් යොදාව තිබෙනු දැක ගත හැකිවු බව සිලෝන් නිව්ස් වාර්තාකරු කියා සිටියේය.

තවදුරටත් ප්‍රහාර එල්ල වෙතැයි බිය පළ කරන තුම්මෝදර ප්‍රදේශවාසීන් පවසන්නේ ගමට ලබා දී ඇති ආරක්ෂාව සම්බන්ධව කිසිසේත්ම සෑහීමට පත් විය නොහැකි බවයි.

Facebook Comments

wedding people