කිලෝමීටර් 700 ක සාම පා ගමනේ දෙමළ නායකයන්ට විරුද්ධව ආණ්ඩුව අවි අමෝරයි

0

දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දිසාවට ජාත්‍යන්තර අවධානය යොමු කර ගැනීම ඉලක්ක කරගත් සාම පාද යාත්‍රාවක නායක කාරකාදීන්ට එරෙහිව ශ්‍රී ලංකාණ්ඩුව දියත් කරන ප්‍රහාර උත්සන්න කරමින් එහි මුලිකත්වය ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන අරඹා තිබේ.

දෙමළ ජනතා නියෝජිතයන් කිහිපදෙනකුට සහ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් කිහිප දෙනකුට ද උසාවියේ පෙනී සිටින්නැයි මේ වන විටත් සිතාසි නිකුත් කර ඇත.

යුද්ධයට ගොදුරුවූවන්ට යුක්තිය ඉටුකරගැනීම, අතුරුදහන් වූවන් පිළිබඳ සත්‍යය සොයාගැනීම මෙන්ම බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ කෝවිඩ් ආසාදනයෙන් මියගිය මුස්ලිම්වරුන් බලහත්කාරයෙන් ආදාහනය නවත්වාගැනීම ඇතුළු මුලික කරුණු දහයක් ඉටු කරගැනීම සඳහා ඒකාබද්ධ වූ දස දහස් සංඛ්‍යාත දෙමළ හා මුස්ලිම් ජනතාව නැගෙනහිර පොතුවිල් සිට උතුරේ පොලිකන්ඩි දක්වා පා ගමණින් පැමිණියහ.

දින පහක් පුරා කිලෝ මීටර් 700 ක් ඇවිද ගිය මේ පා ගමනේ සාර්ථකත්වයෙන් කෝපාවිශ්ට වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඊට සහභාගිවුවන් සිරගත කරන බවට තර්ජනය කළේ ය.

ජනප්‍රිය සිංහල රූපවාහිනී නාලිකාවක වැඩ සටසටහනකට එක්වෙමින් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සදහන් කර තිබුනේ “අපි තහනම් නියෝග අර ගත්ත නිසා අපි දැන් මේ ගොල්ලන්ගේ පොටෝග්රා‌‌ෆ් තියනවා. මේ ගොල්ලන්ගේ වෙහිකල්ස් වල නම්බර් අපි දන්නවා. පුද්ගලයෝ කවුද කියලා දන්නවා. ඒ ගොල්ලන්ට නඩු දාලා අපිට පුළුවන් ඒ වාහන සියල්ලක්ම රාජසන්තක කරන්න. මොවුන් ඇත්ත වශයෙන්ම හිරේ දාන්න පුළුවන් තත්වයක් අපිට තියනවා. නඩු මාර්ගයෙන්,” යනුවෙනි.

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායකයා මේ වනවිටත් පොලීසිය විසින් කැඳවා ඇති අතර, ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය මගින් කැඳවනු ලැබීමට දිගු ලැයිස්තුවක් ඇති බවක් පෙනෙන්නට තිබේ.

ආණ්ඩු විරෝධී දෙමළ පක්ෂවල සහයෝගය ඇතිව, උතුරේ හා නැගෙනහිර විවිධ සංවිධාන හා සිවිල් සමාජය එක්ව සංවිධානය කරන ලද P2P රැලියට දස දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගි විය.

එම සාම රැලියට බාධා පැමිණවීමේ අරමුණින් කල්තබාම පොලිසිය පාගමනට එරෙහිව වාරණ නියෝග රාශියක් ලබා ගෙන තිබුනි.

කෙසේ වෙතත්, දෙමළ ජනතා නියෝජිතයන් , හිටපු මන්ත්‍රීවරුන්, පළාත් සභා සාමාජිකයන්, ආගමික නායකයන් සහ යුද්ධයෙන් පීඩිත වූ පවුල්වලට අමතරව පොදු මහජනතාව තම සහයෝගීතාව ප්‍රකාශ කරමින් සාම පාගමනට එක් වූහ.

පෙරමුණේ ගමන්ගත් යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමිගේ නායකත්වයෙන් යුතු වූ මෙම පාගමන මාර්ග අවහිර කිරීම් සහ ටයර් සිදුරු කිරීම ඇතුළු අනේක වූ බාධක රැසකට මුහුණ දුන්නේය.

පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් වු සාම පාගමනට සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රකාශයන් සටහන් කර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශානක්‍යන් රාසපුත්‍රම්, ගෝවින්දම් කරුණාකරම්, තවරාසා කලෙයිඅරසන් සහ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් ද කැඳවා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය මාර්තු මාසයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතව අතර , එහි දී බොහෝ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් යෝජනා කිරීම ඇති සූදානම පෙනිගොස් තිබීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ පාලනය සිය සුළුතර විරෝධී බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ සිංහල ජනතාවට ප්‍රබල පණිවිඩයක් යැවීමෙනි.

ටීඑන්ඒ මන්ත්‍රීවරුන් ලබන අප්‍රේල් 30 වන දින කල්මුණේ උසාවියට කැඳවා ඇති අතර පොලිසිය දැනටමත් මනෝ ගනේෂන් මන්ත්‍රී වරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

“පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මගේ නිවසට ඇවිත් මගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. මට එරෙහි චෝදනාව වුනේ, පෙබරවාරි 6 වැනි දින රැලිය වාරණය කරමින් මුලතිව් උසාවිය දුන් නියෝගය උල්ලංඝනය කිරීම”යි යනුවෙන් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායකයා ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා තිබේ.

උතුරු පළාත් සභාවේ හිටපු සාමාජිකයකු වන තුරෙයිරාසා රවිහරන් පෙබරවාරි 15 සඳුදා මුලතිව් පොලිසියට කැදවා ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුනි.

“ජනතාවගේ නියෝජිතයෙකු විදිහට මම පොතුවිල් සිට පොලිකන්ඩි රැලියට සහභාගි උනේ මගේ ජනතාවට සිදුවන අයුක්තියට එරෙහිව මගේ සහයෝගිතාව ප්‍රකාශ කිරීමටයි,” යනුවෙන් ඔහු සිය ප්‍රකාශ ලබා දීමෙන් පසු ජන මාධ්‍යයට පවසා තිබුනි.

ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔහු ආපසු යවා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සීනිතම්බි යෝගේෂ්වරන්, පාක්‍යසෙල්වම් අරියනේත්ත්‍රන් සහ එහි තරුණ අංශ නායක ගනේෂනන්දන් ITAK තරුණ අංශයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඒ. නිදර්ෂන් යන අයටත් කල්මුනේ උසාවිය මගින් සිතාසි නිකුත් කර ඇත.

Facebook Comments

wedding people