යුද්ධයෙන් මළ’වුන් සමරන්න සැරසෙන දෙමළ නායකයන්ට තවත් පොලිස් හිරිහැර

0
(සේයා කේ. කුමනන්)

තවත් දින කිහිපයකින් යෙදෙන දෙමළ මහවිරු සමරු වෙනුවෙන් කටයුතු සංවිධානය කරන මුලතිව් දිස්ත්‍රික්කයේ බහුජන නායකයන්ට එරෙහි පොලිස් හිරිහැර දැඩි වෙමින් පවතී.

ගෙන්ගෙට ගොස් පොලිසිය විසින් කරන ලද කැඳවීම අනුව පුද්ගලයන් ගණනාවක්ම ප්‍රශ්න කිරීම සඳහා 17 බ්‍රහස්පතින්දා මුලතිව් පොලිසියට කැඳවා තිබේ.

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන්, බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මරියසුරේෂ් ඊශ්වරී, සමාජ ක්‍රියාධරයන් වන පේදුරුපිල්ලේ ජෙබනේසන්, සිවනේසරාසා, පීටර් ඉලන්චේලියන් සහ මුලතිව් වෙළෙඳ සංගමයේ සභාපති කන්දසාමි ගෞරිරාසා ඒ අතර වෙති.

දෙමළ මහවිරුවන් සැමරීමේ සංවත්සරය යෙදී ඇත්තේ නොවැම්බර් 27 දාටය.

යුද බිමේ දිවිපිදූ ඔවුන් මිහිදන් කළ සුසාන භූමි එළිපෙහෙළි කිරීම ඥාතීන්ට හා ක්‍රියාධරයන්ට සිදුවී ඇත්තේ පොලිසියේත් එම සොහොන් කොත් ඩෝසර් කර කඳවුරු ගසා සිටින යුද හමුදාවේ මහත් හිරිහැර මැදය.

Facebook Comments

wedding people