වන්නියේ ධිවරයන් පිරිසක් වසර පනහකට අධික කාලයක් මහ සයුර වෙත ළඟා වීමට භාවිත කළ ගොඩබිම් මාර්ගයක් හරස් කරමින්, වෙරලාසන්න ඉඩම් හිමි ව්‍යාපාරිකයකු වැට ගැසීම නිසා පවුල් එකසිය හැත්තෑපහකට වැඩි ධිවර ගම්වාසීන් පිරිසක් සිය ජීවනෝපායේ අනාගතය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ධිවරයන් මුහුණ දී සිටින ගැටළුවට කඩිනමින් විසදුම් ලබා දීමට පොරොන්දු වු මුහුදුබඩ පත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බලධාරීන් එතෙක් බාධාවකින් තොරව සිය රැකියාව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම එම ධිවරයන්ට නිර්මාණය කර දුන් බවයි.
නැසීගිය යාපනය කතෝලික රදගුරු ජේකබ් බස්තියම්පිල්ලෛ දියෝගුපිල්ලේ පියතුමන්ගේ මැදිහත්වීමෙන් මුලතිව්, මුහුදුබඩ පත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් දියෝනගර් ධිවර ගම්මානය පිහිටුවන ලද 1973 වසරේ සිට මේ දක්වාම ධිවරයන් මුහුද වෙත යෑමට යොදා ගත් මාර්ගයෙන්, අවසන් මීටර් 200 ක පමණ දුරක් වැටී ඇත්තේ රදගුරු නිවාසයට අයත් ඉඩමක් හරහාය.
ධිවරයන් පවසන පරිදි අක්කර 52 ක් සහිත එම ඉඩම 2017 හෝ 2018 වසරේ දී රදගුරු නිවාසය විසින් කැනඩාවේ පුරවැසිභාවය හිමි ඇවලෝන් පුද්ගලික සමාගමේ (Avalon Resort and Spa (pvt) Ltd ) හිමිකරුට අලෙවි කර තිබේ.
එතැන් සිට ගෙවී ගිය වසර හයකට වැඩි කාලය තුළ අවස්ථා ගණනාවකදීම එම ඉඩම මැදින් වැටී තිබු මාර්ගයෙන් ගමන් කිරීමේ දී මෙම ඉඩම් හිමියාගෙන් ධිවරයන්ට විවිධ බාධා එල්ල වී ඇති අතර 2024 මැයි 26 වැනිදා හවස් කාලයේදී ධිවර කටයුතු සදහා යන අවස්ථාවේ ධිවරයන්ට දැක ගන්නට ලැබී ඇත්තේ සිය මාර්ගය හරස් කරමින් වැටක් ඉදිකර, මාර්ගය හරහා කලු ගල් ගොඩ ගසා තිබු ආකාරයයි.
කලක් තිස්සේ පරිහරණය කළ මාර්ගය හරස් කිරීමට විරෝධය දක්වමින් එම වැට කඩා දැමීමට ක්‍රියා කළ ධිවරයන් තමන් දහක පහක් තිස්සේ භාවිත කළ මාර්ගය නිදහස් කරන ලෙස ඉල්ලමින් එම ස්ථානයේ එදිනම රාත්‍රියේ විරෝධයක් ආරම්භ කර තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ධිවරයන් නෙලා ගන්නා මත්ස්‍ය අස්වැන්න ගොඩ බිම වෙත ප්‍රවාහනය කිරීම සදහාද යොදා ගන්නේ මෙම මාර්ගය බවයි.
මැයි 27 වැනිදා එම ස්ථානයට පැමිණි මුහුදුබඩ පත්තු ප්‍රාදේශිය ලේකම්ගේ නියෝජිතයා ප්රමුඛ ප්‍රාදේශිය සභාවේ ලේකම් හා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දියෝනගර් ධිවරයන් සමග සාකච්ඡාවක් පවත්වමින් පොරොන්දු වී ඇත්තේ ඔවුන්ගේ ගැටළුවට කඩිනමින් විසදුමක් ලබා දෙන බවයි.
ධීවරයන්ට ස්ථිර විසදුමක් ලබා දෙන තෙක් කිසිදු බාධාවකින් තොරව එම මාර්ගයම භාවිත කරමින් ධිවර කර්මාන්තය කරගෙන යෑමට ලේකම් කාර්යාලයේ නිලධාරීන් අවසරය ලබා දුන් බවත් පළාත් බද වාර්තාකරුවෝ පවසති.
ධීවරයන් චෝදනා කරන්නේ මුහුද වෙත තමන්ට ප්රවේශවීමට තිබු මාර්ගය අවහිර කළ සුපිරි හෝටල් ව්‍යාපාරිකයා තමන් ධිවර යාත්‍රා නවතා තබා ඇති, ඉඩමට මායිම්ව පිහිටි වෙරළ තීරයටත් අයිතිවාසිකම් පාමින් තර්ජනය කරන බවයි.
දියෝනගර් ධීවරයකු වන නාගරාසා සත්ගුණරාජා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ වැල්ලේ නවතා තිබෙන ධිවර පවුල් 175 ට අයත් ධිවර බෝට්ටු 21 ක් ඉවත් කරන ලෙස බලකරමින් ඉඩමේ හිමිකරු නීතිඥයන් මාර්ගයෙන් ධිවරයන්ට නොතීසියක් එවූ බවයි.
“බෝට්ටු අයින් කරන්න කියලා නීතීඥවරයා මාර්ගයෙන් නොතීසියක් එවා තිබුනා. එයාලා ඇවිල්ලා අවුරුදු පහක් පමන වෙනවා. අපි ඇවිත් අවුරුදු 50ක්. එයාලා ආවට පස්සේ තමයි අපි ආවේ වගේ අපිට නැගිටිලා යන්න කියනවා. පොඩි කූඩාරම්වත් වෙරළ තීරයේ හදන්න බැහැලු. ඒකත් තහනම්. අපේ ඉඩම කියලා තර්ජනය කරනවා. බැරි තත්වය නිසා අපේ බෝට්ටු හතරක් වෙනත් ස්ථානයකට ගිහිල්ලා රස්සාව කරනවා.”
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ව්‍යාපාරිකයා යාපනය රදගුරු නිවසෙන් ඉඩම මිලදී ගන්නා අවස්ථාවේ තිබු භුමියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුහුදු ඛාදනයට ලක්ව ඇති අතර ඉන් අනතුරුව නිර්මාණය වු වෙරළ තිරයටත් ඉඩම් හිමිකාර ව්‍යාපාරිකයා අයිතිවාසිකම් කියන බවයි.
මැයි 27 වැනිදා මුහුදුබඩ පත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නියෝජිතයන් ධිවරයන් සමග සාකච්ඡා පවත්වන අවස්ථාවට එක්ව සිටි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රශ්න කර සිටියේ යුද හමුදාවට ඉඩම් අත්පත්කරදීම වෙනුවෙන් කඩිනමින් මැදිහත්වන රජයේ දිස්ක්රික් ලේකම් කාර්යාලවලට ධිවරයන්ගේ ගැටළුවට ඉතා ඉක්මනින් විසදුමක් ලබා දීමට නොහැකි මන්ද යන්නයි.
“මේකට විසඳුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ ගමට සහ ජනතාවට ලබාදෙන්න ඕනේ. ඔවුන්ට ආණ්ඩුවේ නියෝජිතයන් විදිහට දෙන්න පුළුවන්. හමුදාවට ඉඩම් ඕනේ උනාම නම් අත්පත්කරලා දෙනවා. මේ ජනතාවට ඒක පුද්ගලික ඉඩමක් උනොත් මීටර් 100ක් 200 ක් දෙන්න බැරි ඇයි? හමුදාව වෙනුවෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුව වගේ සියලු කටයුතු සම්පාදනය කරන ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ට ඇයි මේ අයගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න බැරි? එය මේ ගමේ මිනිසුන් විනාශ කිරීමේ ක්‍රියාවක් බව පමණක් කියන්න පුළුවන්.”
පොරොන්දු වු පරිදි ඉතා කඩිනමින් ධිවරයන්ට විසදුමක් ලබා නොදී ඔවුන් රැවටීමට උත්සාහ කළහොත් අරගලය මීට වඩා තියුණු කරන බවටත් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයා එහිදී අනතුරු අගවා තිබුනි.
“ජනතාවට පොඩි පොරොන්දුවක් දීලා තියනවා. නමුත් මේ අයව රවට්ටන්න හැදුවොත් මේ අරගලය මීට වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා.”