යුද අපරාධ ගැනත් ශ්‍රී ලංකාවේ හමුදා ලොක්කන්ට ඇමරිකාවේ නඩු දාන්න පුළුවන්

0
710
Ivory Agency Sri Lanka
wedding people

ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා බරපතල මානව හිමිකම් කෙලසීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා හිටපු යුද හමුදාපතිවරයාට එරෙහිව එක්සත් ජනපද රජයට නඩු පැවරිය හැකි බවට එරට මානව හිමිකම් විමර්ශනයක දී හෙළිව තිබේ.

විදේශයක කරන ලද යුද අපරාධ ඇතුළු සාපරාධී කටයුතු සම්බන්ධයෙන් තම රටේ පුරවැසියන්ට නැගෙන චෝදනා විභාග කිරීමට අවශ්‍ය බලතල ඔවුන් සතුව ඇති බව එක්සත් ජනපද රජයේ ඉහලම නීතිවේදියෙක් කොන්ග්‍රස් මණ්ඩල විමර්ශනයකදී කියා සිටියේය.

“යුද අපරාධ, වර්ග සංහාරය, වධහිංසා, ළමා සොල්දාදුවන් සම්බන්ධයෙන් අපට එක්සත් ජනපද පුරවැසියන්ට අදාලව අධිකරණ බලතල තිබේ,” යයි අධිකරණ දෙපාර්තමේන්තුවේ, අපරාධ අංශයේ නියෝජ්‍ය සහකාර නීතිපති ඩේවිඩ් රිබිකි ප්‍රකාශ කළේය.

සහකාර නීතිපතිවරයා ඒ පිලිබඳ විස්තර කළේ ශ්‍රී ලංකාවේදී මහා පරිමාන අපරාධ කිරීමේ චෝදනා වලට මුහුණ පා සිටින ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපද පුරවැසියකු වන අතර සරත් ෆොන්සේකා හරිත පත්‍රිකා (ග්‍රීන් කාඩ්) ලාභියකු බව කොන්ග්‍රස් මානව හිමිකම් කමිටුවක සම සභාපති ජිම් මැක්ගවර්න් විසින් පෙන්වා දෙනු ලැබීමෙන් අනතුරුවයි.

“ඔහු හෝ ඇය එක්සත් ජනපද පුරවැසියකු සහ ග්‍රීන් කාඩ් හිමියකු වූ කළ, අපරාධකරුවන් වගවීමෙන් බැඳ තැබීමට අධිකරණ දෙපාර්තමේන්තුව සහ ස්වදේශාරක්ශාව පිලිබඳ දෙපාර්තමේන්තුව කවර පියවර ගන්නේදැ,” යි ජිම් මැක්ගවර්න් ශ්‍රී ලංකාවට අදාලව ප්‍රශ්න කළේ යුද අපරාධ ඇතුළු මහා පරිමාන අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන්නන් ට එරෙහි නීති දැඩි කිරීම අරමුණු කොටගත් ටොම් ලැන්ටෝස් මානව හිමිකම් විමර්ශනයේදීය.

Facebook Comments