ඡන්දය තියන්නට අලුත් නීති ඉල්ලයි

0

නව නීති සකස් කර හෝ මහ මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබේ.

කොරෝනා වසංගතය පැතිරීමට සියලු පියවර ගෙන ඇති බව කී තිලංග සුමතිපාල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජන්දය පැවැත්වීමට පැවැති බාධා මොනවා දැයි කොළඹ දී මාධ්‍ය අමතමින් ප්‍රශ්න කළේය.

“සමහර විට මැතිවරණය කිට්ටුවට එන කොට නීති රිති ගේන්න පුලුවන්. අලුත් ක්‍රමවේද නීති පද්ධතියන් නැතිනම් මැතිවරණ කොමසාරිස්ගේ හා සෞඛ්‍ය අංශ උපදෙස් මත අලුත් ක්‍රමවේද අනුගමනය කරන්න සිද්ද වෙයි,” යැයි හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

විසි හත් අවුරද්දක් රට සමාකාමීව නොතිබු බව සිහිපත් කර දුන් තිංලග සුමතිපාල යුද්ද ටැංකියෙන් ගොස් නාම යෝජනා ලබා දී ඇති බවද කියා සිටියේය.

මැතිවරණය පැවැත්වීමේදී රාජ්‍ය නිලධාරින් සෞඛ්‍ය අංශ මෙන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බව මෙන්ම මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ඔහු විසින් දිර්ඝ විස්තරයක් සිදු කරනු ලැබුවේ කොවිඩ් 19 කොරෝනා වසංගතය යනුවෙන් පසුබිම් කර ගත් බැනරයක් පිටුපසින් තබාගෙනය.

මැතිවරණය නොපැවැත්වුවහොත් රට කොරෝනා වසංගතයට වැඩි ආගාධයකට යන බව විස්තර කළ හිටලු මන්ත්‍රීවරයා සියලු දේ කළමනාකරණය කලහොත් ජුනි 02 වන දා වන විට මැතිවරණය පැවැත්විය හැකි බවද පැවසීය.

හැත්තෑ දෙවසරක් පැවැති ප්‍රජාන්ත්‍රවාදය මැතිවරණය නොපැවැත්වීම නිසා විනාශ වී යනු ඇති බවට හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල වැඩි දුරටත් අනතුරු ඇඟවීය.

Facebook Comments

wedding people