කොවිඩ් මරණ අනුස්මරණයට අරලිය මලින් සැරසූ සයිබර් ස්මාරකය

0

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කොවිඩ් මරණ සිහි කිරීම වෙනුවෙන් “කොවිඩ් 19 අනුස්මරණ ස්මාරකයක්” නිර්මාණය කර තිබේ.

මෙම අනුස්මරණ ස්මාරකය සයිබර් අවකාශයේ නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

දිවයිනේ කොවිඩ් මරණ වාර්තා වූ සෑම ප්‍රදේශයකම කාන්තා සහ පිරිමි මරණ වෙන වෙනම දැක්වෙන පරිදි අරලිය මල සංකේතවත් කරමින් මෙය නිර්මාණය කර ඇත.

මෙරටින් කොවිඩ් මරණ දහතුන් දාහකට අධික ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇති අතර ඉන් මියගිය පුද්ගලයින් 761 දෙනෙකුගේ තොරතුරු මෙම ස්මාරකය තුළ ලේඛනගත කර ඇති බවයි ස්මාරකයේ නිර්මාණකරුවන් පවසන්නේ.

“මෙම ස්මාරකය හරහා ඔවුන් හුදු සංඛ්‍යාවලට සීමා නොකොට අනුස්මරණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඔවුන් සිවිල් වැසියන් සහ සෞඛ්‍ය සේවකයන්ය; අඹු සැමියන්, සහෝදර සහෝදරියන්, දෙමාපියන්, දරුවන්, මිතුරන් සහ හිතවතුන්ය. තම තමන්ගේ කතාවලට හිමිකම් කියූ මේ පුද්ගලයන් මෙලොව අතැර ගොස් ඇත්තේ ඔවුන්ටම ආවේණික වූ දායාද ඉතිරි කරමිනි.”

මෙම වෙබ් අඩවිය තැනීම කවීන් රුද්‍රිගෝ විසින් සුදු කර ඇති අතර මල් සංකේතය නිර්මාණය තිළිණි පෙරේරා ගෙන් හා සංකේතය පිළිබඳ අදහසේ ආභාෂය රොචෙල් කනාගසබේ විසින් නිර්මාණය කර තිබේ.

මදුක ජයලත්ගේ ශ්‍රී ලංකා පළාත් දිස්ත්‍රික්ක නගර දත්ත සමුදාය දත්ත ලබා ගැනීමට භාවිත කරන බව පවසන මෙහි නිර්මාණකරුවන් රොෂෙල් කනගසබේ, ෆ්‍රරැන්ක්ලින් චමින්ද, අමලිනි ද සේරා, සෙයිනබ් ඉබ්‍රහිම්, දුවිඳි ඉලංකෝන්, නබීලා ඉක්බාල්, ශේ. කෝ., ඵුසති ලියනආරච්චි, මහස් මුර්ශිඩ්, සචිනි පෙරේරා,නෙත්මි රාජවසම්, සින්ධු රත්නරාජන්,වයංගනා සිල්වා, අභිනයා ශ්‍රිතරන්, සවින්ද්‍රි තල්ගොඩපිටිය,වී. ජී. දේවන්, පමෝදි වරාවිට, සරිකා වරුසවිතාරන, නිරාන් විරසිංහ,ප්‍රනීත් විරසිංහ දත්ත ඇතුළත් කිරීම, පිටපත් ලිවීම, පරිවර්තනය ඇතුළු විවිධ අයුරින් සිය දායකත්වය ලබා දී ඇත.

කෝවිඩ්-19 අනුස්මරණ ස්මාරකය පිවිසීම මෙතනින්

Facebook Comments

wedding people