හින්දු පුද පූජා සඳහා කුරුන්තුර්මලේ තහංචියක් නැතැයි තහවුරු වේ

0

මතබේදකාරී ලෙස බෞද්ධ විහාරයක් ඉදිකර ඇති කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමියේ හින්දු වතාවත් කිරීමට කිසිදු තහනමක් නොමැති බවට පුරාවිද්‍යා බලධාරීන් සහතික වී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ නීතිඥයෙකු මගින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මේ බව මුලතිව් අධිකරණයට දන්වා ඇත්තේ පසුගිය දා පැවති පොංගල් පුජාවට පොලිසිය බෞද්ධ භික්ෂුන් හා සිංහල කණ්ඩායමක් විසින් බාධා කිරීම ගැන නඩුව කැඳවූ විටයි.

කුරුන්තුර්මලේ ආදීසිවන් අයියනාර් කෝවිලේ පරිපාලක සභාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥ වී එස්. ධනන්ජයන් කියා සිටියේ පොංගල් පුජා පැවැත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිසිදු බාධාවක් නොමැති බවට උසාවියට වාර්තාවක් ඉදිරිපත් වූ බවයි.

හිටපු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් සහ දෙමළ ක්‍රියාධරයන් විසින් මුලතිව් පොලිසිය වෙත ජුලි 14 වැනිදා පැමිණිලි කර සිටියේ උසාවියේ අවසරය ඇතිව කුරුන්තුර් මලේ ආදි සිවන් අයියර් කෝවිලේ පවත්වන්නට ගිය ආගමික වතාවත් වලට බෞද්ධ භික්ෂුන් සමග පොලිස් නිලධාරින්ද බාධා කළ බවයි.

පොංගල් පූජාව වෙනුවෙන් බැඳ තිබු ලිපට පා පහර දෙනු දැක්වෙන ඡායාරුප පළකරමින් පිට පළාත්වලින් ගිය සිංහල තරුණයන් එය කඩාකප්පල් කළ ආකාරය පිළිබඳ පුරසාරම් සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබුණි.

මේ ගැන වාර්තාවක් ලබා දෙන ලෙස පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබිණි.

ලිප් බැඳ, කපුරු දල්වා පොංගල් ක්ෂීර පුජාව පිසින්නට සැරසෙද්දී එය ප්‍රචණ්ඩ ලෙස වළකාලන්නට කටයුතු කළ බෞද්ධ භික්ෂුන්ට සහ පිටතින් පැමිණි සිංහලයන්ට සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරින්, සහාය දක්වමින් ක්‍රියා කරනු මාධ්‍යවේදීන් විසින් රූප ගතකොට තිබේ. පැවති නොසන්සුන්කාරී තත්වයට හමුවේ එහි සිටී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරියකු කියා සිටියේ 1933 දී මෙය පුරාවිද්‍යා වැඩබිමක් ලෙස ගැසට් කර ඇති බැවින් එහි ගිනි දැල්වීම තහනම් බවයි. පොළොවේ ටකරමක් හෝ තහඩුවක් හෝ තබා ඒ මත ගිනි දල්වා වත් පිළිවෙත් කරගෙන යන ලෙසද එම පුරාවිද්‍යා නිලධාරියා හින්දු බැතිමතුන් හමුවේ උපදෙස් ලබා දී තිබේ.

එහෙත් පිටතින් රැගෙන ගොස් සිටී සිංහල පිරිස් හා බෞද්ධ භික්ෂුන් තවදුරටත් කලහකාරී ලෙස හැසිරෙමින් පුරාවිද්‍යා නිලධාරියාගේ ප්‍රකාශයට විරෝධය පාමින් කියා සිටියේ පොංගල් පුජා පැවැත්වීමට ඉඩ නොදෙන බවයි.

පුරාවිද්‍යා නිලධාරියාගේ අනුමැතිය නොතැකු කිලිනොච්චි/මුලතිව් කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජිව පිටතින් රැගෙන විත් සිටී බෞද්ධ භික්ෂුන්ගේ හා සිංහලයන්ගේ පාර්ශවයට සහාය පලකරමින් කියා සිටියේ දෙපාර්ශවයටම කුරුන්තුර්මලේ භූමියෙන් ඉවත් වන ලෙසයි.

පිටතින් මෙහි රැගෙන විත් ඇති බෞද්ධ භික්ෂුන් හා සිංහල කණ්ඩායම් ආපසු හරවා යවා බාධාවකින් තොරව, පුරාවිද්‍යා නිලධාරි ලබා දුන් අනුමැතිය හා උපදෙස් පරිදි පොංගල් පුජාව පැත්වීමට අවසර දෙන ලෙස හින්දු බැතිමත්හු ඉල්ලා සිටිහ. එහෙත් ගිනි දැල්වීමට අනුමැතිය ලබා දිය නොහැකි බව නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජිව ප්‍රකාශ කිරිමත් සමග කෝපයට පත් හින්දුන් ආගමිකයන් බිම වාඩිලා ස්තෝත්‍ර ගායනා කරමින් පොංගල් පුජාව පැවැත්විමේ අයිතිය ඉල්ලා සිටින ලදී. ඊට එකට එක කිරීමක් ලෙස බෞද්ධ භික්ෂුහු ද ඒ ආසන්නයේ සිට පිරිත් සජ්ජායනය කරමින් ආරවුල තව තවත් අවුලවන්නට වෙර දැරුහ.

පිටතින් රැගෙන විත් සිටී සිංහල පිරිස් ඉවත් කිරීමට උත්සුක නොවූ පොලිසිය ස්තෝත්‍ර කියමින් සාමකාමීව සිටී හින්දු ආගමිකයන් හා දේශපාලන ක්‍රියාධරයන් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවතට ඇදගෙන යාමට ක්‍රියා කර තිබේ.

සාමකාමීව විරෝධයේ යෙදුනු කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට පිරිමි පොලිස් භටයන් ක්‍රියා කළේ ඔවුන් දැඩි ලෙස හිංසනයට ලක් කරමින් බව එහි ගිය මුලතිව් මාධ්‍යවේදීහු පවසති. ප්‍රදේශයේ බහුජන සංවිධාන ක්‍රියාධරයකු වන පීටර් ඉලන්චේලියන්ට පොලිසිය පහර දී , දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ද බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

පොලිසිය කෙතරම් වෑයමක් දැරුවද එම පිරිස ඉන් ඉවත් කිරීමට නොහැකි වී තිබේ. හින්දු පුජක තවතිරු වේලන් ස්වාමිගේ ඉල්ලීම පරිදි අඩ හෝරාවක කාලයක් හින්දු භක්ති ගීත කියමින් සිටී පිරිස පසුව දෙවියන් ට පොල් ගසා පිටත්ව ගොස් ඇත.

Facebook Comments

wedding people