ජනාධිපතිවරණ සටනේදී වත්මන් විපක්ෂ නායකයාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවේ වලංගු භාවය ඊයේ ප්‍රශ්න කළ සභාපති මාවෙයි සේනාධිරාජා එය පිළිගත යුතු බව අද යාපනයේදී මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
“තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව මේ මැතිවරණය ගැන ගත්තු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ වගකීම අපට තිබෙනවා. ඒක තමිල් අරසු කච්චි වගකීම. ඒක අපි ඉටු කරන්න ඕනෙ. ඒත්, මැතිවරණයේ තීන්දු ගැනීමේදී ජනතාව සිතා බලා විශේෂයෙන් දෙමළ ජාතියේ අනාගත විමුක්තිය ගැන හිතලා ඡන්දය ප්‍රකාශ කරන්න ඕනේ.”
හිටපු මන්ත්‍රී වී ධර්මලිංගම්ගේ අනුස්මරණයට එක්ව සිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි සභාපති මාවෙයි සේනාධිරාජා සැප්තැම්බර් 2 වැනිදා යාපනයේ දී එසේ පැවසුවද, සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට ඉලංගෙයි තම්ල් අරසු පක්ෂය (ITAK) වව්නියාවේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් සැප්තැම්බර් 1 වැනිදා නිවේදනය කළ පසු මාවෙයි සේනාධිරාජා පවසා තිබුනේ එය තමන් ඇතුලු මුල් පෙලේ නායකයන් කිහිප පලක් නොමැති සභාවක දෙතුන් දෙනකු ගත් තීරණයක් මිස පක්ෂයේ නිල මතය නිවන බවයි.
එහෙත් ඊට පසු දිනම පෙර දිනයේ තමන් සිදු කළ ප්‍රකාශය කනපිට හරවමින් පක්ෂයේ මතය පිළිගත යුතු බව පැවසු හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා තවදුරටත් අවධාරණය කර තිබුනේ දෙමළ දේශයේ වැසියන් එකමුතුව ජාතියේ විමුක්තිය වෙනුවෙන් මැතිවරණය පාවිච්චි කළ යුතු බවයි.
“ඒ වගේම දෙමළ ජනතාව, දෙමළ දේශයේ සියලුම පලාත්වල ජනතාව අපි සියලු දෙනාම එක්සත් වෙලා අපේ ජාතියේ විමුක්තිය වෙනුවෙන් මේ මැතිවරණය පාවිච්චි කරන්න ඕනේ. ඒ විමුක්තිය අපිට ඉතාම වැදගත්. ඒ විමුක්තිය වෙනුවෙන් අපි හැමෝම එක්ව කටයුතු කරන්න ඕනේ කියලා මම ඉල්ලා සිටිනවා.”
දෙමළ විමුක්තිය වෙනුවෙන් විපක්ෂ නායකයා කුමක් කරන්නට යන්නේදැයි ප්‍රකාශයට පත්වී නැත.
එහෙත්, මුලතිව් හි එදිනම පැවති සමගි ජන බලවේගයේ රැළියකදී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ තම පාලනයක් යටතේ උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා ජාත්‍යන්තර ආර්ථික සමුළුවක් කැඳවන බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට ITAK මධ්‍යම කාරක සභාව තිරණය කර තිබුනේ දෙමළ අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම ඉන්නා පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් ද විදේශගතව සිටින අවස්ථාවකය.