ලෝක ජන ගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වෙලා

0
756

විශාදය රෝගය විශාල ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින අතර ලෝකයේ මේ වනවිට ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය Belinda Loring පවසයි.

අප්‍රේල් 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විශාදය රෝගය පිළිබඳව ජනතාව දනුවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සහ රෝගය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභගීවෙමින් ඇය මේ බව පැවසුවාය.

ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ගෝලීය වශයෙන් විශාදය රෝගය පිළිබඳව දැනුවත්වීමට ඒ රෝගය පිළිබඳව කතා කරන බවත් ගෝලීය වශයෙන් මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙස විශාදය රෝගය පත්වෙලා ඇතැයි පවසන ඇය ඒ නිසා විශාදය විශාල ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතිනවා බවයි පෙන්වා දෙන්නේ.

ලංකාවේ ලක්ෂ 8 විශාදය

මානසික රෝග පිළිබඳව දැනුම අඩුවීම සමාජයේ තිබෙන ප්‍රධාන අඩුපාඩුවක් බව සහ විශාදය වැනි රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාධ්‍යයට සිදු කළ හැකි බවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටීයේය.

ශ්‍රී ලංකාවේ ලක්ෂ 08ක් පමණ විශාදය රෝගයෙන් පෙළෙනවා බව පවසන කථිකාචාර්යවරයා විශාදය සෑම වයසකම ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකියි බවත් රෝගීන් තනි නොකළ යුතු බව මෙන්ම මෙම රෝගය පිළිබඳව කතා කිරීමයි වැදගත් බවද පවසනවා.

විශාදයට වැඩියෙන් ගොදුරු වන්නේ කාන්තාවන් වන අතර පුරුෂයන් විසින් මෙම රෝගය සඟවා මත්පැන් හා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වන බවයි විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.

Facebook Comments

wedding people