ඔබට හමු නොවු සැබෑ ආදරය

0

ජීවිතය අතිසුන්දර හීනයක් නොවේ. විටෙක එය අතිශය කටුක, කෘර අත්දැකීමක් විය හැකියි. ජීවිතය සුවපත් කරවන හොඳම ඔසුව ආදරයයි. නමුත්, සැබෑ ආදරය සොයාගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය හැකියි. විශේෂයෙන්ම සමාජයේ අඩු සැලකුම් ලබන පුද්ගල කණ්ඩායමක් නියෝජනය කරන තැනැත්තන්ට ජීවිතය යනු අතිශය දුෂ්කර අත්දැකීම විය හැකිය. පසුගිය සතිය පුරා ඉන්දියානු සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක්වුණු පුවතක් තිබුණා. ඒ වෛශ්‍යාවක, ආබාධිත යාචකයෙකු වෙතින් සිය හැබෑ ආදරය සොයාගැනීම ගැන කතාවක්. අතිසංවේදී වූ මේ කතාව බොහෝදෙනෙකුගේ නෙතට කඳුළක් නැංවූවා.

ඒ Rajiya Begum හා Abbas Miahගේ පෙම් පුවතයි.

බංග්ලාදේශයේ මෙන්ම ලෝකයේද ජනප්‍රිය ඡායාරූප ශිල්පියකු වන GMB Akash පළකර තිබූ මේ පෝස්ටුවට අන්තර්ජාලයේ සුවිශේෂී ප්‍රතිචාර හිමිවිය. Begum සිය දිවිය තුළ විඳින්නට සිදුවූ කටුක අත්දැකීම් පිළිබඳ Akash සමග කතාබහ කරන්නට එක්වූවාය. තමන් ජීවත් වූ අඳුරු ලොවින් අත්මිදීමට හැකියාව තිබියදීත් වෛශ්‍යාවක ලෙස කටයුතු සිදුකරන්නට වූ අයුරු ඇය මෙහිදී පැහැදිලි කළේ මේ අයුරිනි.

තමන් සෑම රාත්‍රියකම නිවසින් පිටවී යන්නේ ඇයිදැයි සිය ලෙයින් උපන් දියණිය වූ Tumpaට පැවසීමට තරම් ධෛර්යයක් Begumට නොතිබුණි.

ජීවිතයෙන් මෙන්ම නන්නාදුනන මිනිසුන්ගෙන් එල්ලු වූ සියළු දුක් කරදර ඉවසා සිටීමට ඇයට සිදුවූවාය.
‘කවදාවත් රෑට වැඩකිරීමේ වුවමනාවක් මට තිබුණේ නැහැ‘Begum හඬ අවදි කරන්නීය.
‘තමන්ව පාවිච්චි නොකර‘හෝ පෙරළා තමන්ගෙන් කිසිවක් නොලැබ කිසිවෙකු හෝ තමන්ට උදව් කරාවි යැයි යන්න Begum බලාපොරොත්තු වූ අයුරු ද මෙම ෆේස්බුක් පෝස්ටුවේ සඳහන් වී ඇත.

‘මගේ ජීවිතේ පළවෙනි වතාවට මාව පාවිච්චි නොකර කෙනෙක් මට සල්ලි දුන්නා. මගේ පැල් කොටේට එන අතරමගදී මං ඇති තරම් ඇඬුවා. මේ ලෝකේ කවුරුහරි මට ආදරේ කරන බව මං එදා තේරුම් ගත්තා‘

ජීවිතයේ නෙක දුක් ගැහැට විඳිමින් සිටියදී මහ රෑ රෝද පුටුවකින් පැමිණි නන්නාදුනන මිනිසෙකු ඇගෙන් කිසිවක්ම නොඉල්ලා මුදල් දෙන විට සිය හදවත බිඳුණු බව ඇය පවසන්නීය.
ඒ ආදරයේ උණුසුම දැනුණු නිසාම එදා රැයේ තමන්ට හමුවූ නන්නාදුනන්නා සොයමින් ඇය දින ගණනාවක් පුරා වීදි පුරා සැරිසැරුවාය. යන්තමින් රැඳී තිබුණු ඔහුගේ මතකය ඔස්සේ ගොස් මේ නන්නාදුනන්නා හැබෑවටම දැකගන්නට Begum දැඩි වීරියක් දැරුවාය. ඉතිං, ඇයට, ඔහුව මුණගැසුණි. රූස්ස ගහක් සෙවණේ ඔහු ගිමන් හරිමින් සිටියේය. මේ නන්නාදුනන්නා ආබාධිතයකු වූ බැවින් ඔහුගේ බිරිඳ අතහැර ගොස් තිබුණි. සිය ආදරය හමුවූ අයුරු හැඬුම් කඳුළින් සිහිපත් කරන Begum පවසන්නීය.

‘මට ආයෙමත් ආදරේ කරන්න නම් බැහැ. හැබැයි, මගේ ජීවිතේ තියෙන තාක්කල් ඔයාගේ රෝද පුටුව තල්ලු කරන්නම්‘ මං හිතට ධෛර්යය අරන් Abbasට කිව්වා. ‘ඉතිං හීනියට හිනාවුණු Abbas කිව්වේ, ආදරයක් නැතුව ජීවිත කාලයක් රෝද පුටුවක් තල්ලු කරන්න බැහැ‘ කියලයි.‘

පරිවර්තනය – වින්ද්‍යා ගම්ලත්

Facebook Comments

wedding people