‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘‘ විමසන්න තරුරසීගෙන් ආරාධනා

0
870

තරංගනී රෙසිකා ප්‍රනාන්දු විසින් රචිත ‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘‘ නවකතාව පිළිබඳ සංවාදයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සංවාදය 2018 ජනවාරි 27 සෙනසුරාදා ප.ව. 2.30 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බවයි ඇය දැනුම් දෙන්නේ.

මූලික දෙසුම කිතුසර පුවත්පතේ ප්‍රධාන සංස්කාරක, ලේඛක, සමාජ ක්‍රියාධර මහින්ද නාමල් විසිනි.

මීට අමතරව මෙහි කෙටි අදහස් දැක්වීම් සමග සෙසු සංවාද මණ්ඩපය සන්ධ්‍යා එක්නැලිගොඩ, කුමාරි කුමාරගමගේ, පැතුම් පුංචිහේවා, සාලිය ඉදුරුවිතාන, බෝධිනී සමරතුංග, කුමුදිනී කළුබෝවිල පවත්වනු ලබයි.

ශෙනූ පෙරේරා විසින් සංවාද සභාව මෙහෙයවන අතර සියලු දෙනා හට සංවාදයට එක්වන ලෙස තරංගනී රෙසිකා ප්‍රනාන්දු ගෞරවයෙන් ඉල්ලා සිටි.

Facebook Comments

Ivory Agency Ad