ජවිපෙ වේදිකාවේ කලාකරුවන්ට මහින්ද සමයේ මරණ බය අමතක වෙලා (VIDEO)

0
577

ජාතික ජන බලවේගය සමඟ එක්ව සිටින ඇතැම් විද්වතුන් හා කලාකරුවන් මහින්ද රාජපක්ෂ පාලනය සමයේ තිබු මරණ බය හේතුවෙන් දේශපාලනයේ නිරත නොවු බව යහපාලන රජය බිහි කිරීමට උර දුන් සිවිල් සංවිධාන නියෝජිතයකු ප්‍රකාශ කර තිබේ.

ඔවුන්ට නිදහසේ දේශපාලන කටයුතු කිරීමට අවකාශය හිමි වුයේ යහපාලන රජය බිහිවීමෙන් පසුව බව මේ වන විට අමතක වී තිබීම ගැන මහාචාර්ය සරත් විජේසුරිය පසුගියදා පැවති ජන හමුවක දී කණගාටුව පල කළේය.

“ජන බලවේගයට එකතු වෙලා ඉන්න ඇතැම් විද්වතුන් කලාකරුවන් කියන අය 2015 ඉස්සෙල්ලා එළියට බැස්ස නැති සමහර අය. ඒ අය රාජපක්ෂවරුන්ට කඩේ ගිය අය නෙමෙයි. ඒ අය එළියට බැස්සේ නැත්තේ මරණ බය නිසා. සුදුවෑන් එකක් එයි, තමන්ගේ බිරිඳට වැඩ ඇරිලා ගෙදර එන්න බැරි වෙයි, තමන්ගේ දරුවන්ට හිරිහැර කරයි, රැකියාවට හිරිහැර කරයි, ඒ විදියෙ බයක් හැම අංශයකම දිය කර හැරලා තිබුනේ.”

“අද ඒගොල්ලො නිර්භිතව ඇවිල්ලා කතා කරනවා, දේශපාලනය කරනවා, අදහස් පල කරනවා, ඒ අයට ඒ අවස්ථාව ලැබුනෙ කවදා ඉදලද 2015න් පස්සේ. අද ඒගොල්ලන්ට ඒක අමතක වෙලා තියෙන එක ගැන අපි කණගාටු වෙනවා,” යි මහාචාර්යවරයා පැවසීය.

හිටපු යුද හමුදාපතිවරයා ද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ එවක ජනාධිපතිවරණයෙන් පසුව සරත් ෆොන්සේකාට මෙන් හිර බත් කෑමට සිදු නොවන බව සැක හැර දැන ගැනීමෙන් පසුව බව කී මහාචාර්යවරයා ඔවුන් මේ සුදානම් වන්නේ දිනා ගත් නිදහස නැති කර ගන්න දැයි ප්‍රශ්න කළේය.

සජිත් ප්‍රේමදාසට හැර අනුර කුමාර දිසානායක හා මහේෂ් සේනානායක ඇතුළු ඉතිරි ජනාධිපති අපේක්ෂයන් හට ලබා දෙන ජන්ද ගෝඨාභයට වාසිදායක තත්ත්වයක් ඇති කරන බව මහාචාර්ය සරත් විජේසුරිය වැඩි දුරටත් අවධාරණය කර සිටී.

Facebook Comments

wedding people