රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය ඇමැතිවරු පත් කරති

0

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකු හා නියෝජ්‍ය ඇමැතිවරු තිදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

දිවුරුම් දෙනු ලැබූ රාජ්‍ය අමාත්‍යවරුන් පහතින් දැක්වෙයි.

චමල් රාජපක්ෂ – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

වාසුදේව නානායක්කාර – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය

ගාමිණී ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

මහින්ද යාපා අබේවර්ධන – වාරි මාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

එස්.බී. දිසානායක – ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

සී.බී. රත්නායක – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් යාපා අබේවර්ධන – තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

සුසන්ත පුංචිනිලමේ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අනුර ප්‍රියදර්ශන යාපා – අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබ සාධන රාජ්‍ය අමාත්‍ය

සුසිල් ප්‍රේමජයන්ත් – ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය

පියංකර ජයරත්න – දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය

රංජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

මහින්දානන්ද අලුත්ගමගේ – විදුලිබල රාජ්‍ය අමාත්‍ය

දුමින්ද දිසානායක – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය

රෝහිත අබේගුණවර්ධන – බලශක්ති රාජ්‍ය අමාත්‍ය

දයාසිරි ජයසේකර – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ලසන්ත අලගියවන්න – රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය

කෙහෙලිය රඹුක්වැල්ල – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

අරුන්දික ප්‍රනාන්දු – සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

තිලංග සුමතිපාල – තාක්ෂණික හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

විජිත බේරුගොඩ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

රොෂාන් රණසිංහ – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ජානක වක්කුඹුර – අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

විදුර වික්‍රමනායක – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

ෂෙහාන් සේමසිංහ – සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය

කනක හේරත් – වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

දිලුම් අමුණුගම – ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

ලොහාන් රත්වත්තේ – මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

විමලවීර දිසානායක – වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය

ජයන්ත සමරවීර – පරිසර රාජ්‍ය අමාත්‍ය

සනත් නිශාන්ත පෙරේරා – ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

තාරක බාලසූරිය – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරු මෙසේය.

නිමල් ලාන්සා – ප්‍රජා සවිබලගැන්වීම් සහ වතුයටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

කංචන විජේසේකර – ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

Facebook Comments

wedding people