විනිසුරු දියණියට කොළඔ නීති පීඨයේදී නවක වදය

12

කොළඔ නීති පීඨයට ඇතුලත් වු නවක සිසුවියකට දෙවන වසර සිසුන්ගෙන් එල්ල වු අඩන්තේට්ටම් පිළිබඳව සිලෝන් ජර්නල්ස් වෙත වාර්තා වේ.

විනිසුරුවරයෙක්ගේ දියණියක් වන මෙම සිසුවියට පසුගිය දිනක නීති පීඨ ආපන ශාලාවේදි දෙවන වසර සිසුන් බැන වඳිමින් ඇයව හිංසාවට ලක් කල බවයි නම සඳහන් කිරීමට අකමැතිවු නීති සිසුවෙක් අප වෙත කියා සිටියේ.

අන් කවරදාකටත් වඩා මේ වසරේ නවක සිසුන් දෙවන වසර සිසුන්ගේ නවක වදයට මුහුණ දෙන බවයි එම සිසුවා අප වෙත අවධාරණය කර සිටියේ.

නවක වදයට එරෙහි වන ඇතැම් ජේෂ්ඨ සිසුන්ටද දෙවන වසර සිසුන්ගේ තර්ජනයන්ට ලක් වීමට සිදු වන බව මෙන්ම ඇතැම් ආචාර්යවරුන්ගේ සහයද නවක වදය ලබා දීමට හිමිවේ දැයි සැක පහල වන බවයි නීති සිසුවා සිලෝන් ජර්නල්ස් වෙත සඳහන් කළේ.

කෙසේ වෙතත් හිංසනයට ලක් වු නවක සිසුවිය මේ පිළිබඳව විශ්ව විද්‍යාල පාලන අධිකාරියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

නීති ශිෂ්‍යයෙක් වීම ලැජ්ජාවක්

නීති පීඨ ශිෂ්‍ය සංගමය විසින් මුද්‍රණය කර ඇති දින පොත හා දින දර්ශනය මිලදී ගැනීම නවක සිසුන්ට අනිවර්ය බව සහ එසේ මිලදී නොගන්නා සිසුන් ශිෂ්‍ය සංගම් ක්‍රීයාකාරීන්ගේ හිංසනයන්ට හා බැණ වැදීම් වලට ලක් වන බවයි නීති සිසුවා පෙන්වා දෙන්නේ.

පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් කෑගසන සිසුන් රජය විශ්ව විද්‍යාලට ඇතුලත් වන අහිංසක දරුවන් මෙසේ සුරාකෑමට ලක් කරන බව පෙන්වා දෙන එම සිසුවා මෙවැනි නීති පීඨයක සිසුවෙක් වීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජා වන බවයි වැඩි දුරටත් පවසා සිටියේ.

විනිසුරු පුත්‍රයාට පහර දීමක්

මේ අතර නවක වද සිද්ධියකට එරෙහි වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට එල්ල වූ ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පහරකෑමට ලක්වූ සිසුවා අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයාගේ පුත‍්‍රයෙකු වන අතර පහරදීමට සම්බන්ධවු බව කියන සිසුන් 8 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පවසන්නේ.

Facebook Comments

wedding people