ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු නිහඬ වෙයි

0
ජායා-ප්‍රසාද් පුර්ණිමාල්

බී.බී.සී සංදේශයේ කොළඹ හිටපු වාර්තාකරු ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත විය.

කෙටිකාලයක් රෝගාතුරව සිටි ඒ මහතා අද අලුයම බත්තරමුල්ල පැලවත්තේ පිහිටි සිය නිවසේදි අභාවප්‍රාප්තවී ඇත.

මිය යන විට එල්මෝ ප්‍රනාන්දු මහතා 75 වන වියේ පසු විය.

වර්ෂ 1941 දී මීගමුවේදී උපන් ඒල්මෝ ප්‍රනාන්දු ජනමාධ්‍යවේදියයෙකු ලෙස පලමුව ගුවන්විදුලියට එක්වන්නේ 1969 වර්ෂයේදීයි.

80 දශකයේ වෙරිටාස් ගුවන් විදුලියට එක්වන ඔහු 1992 වර්ෂයේ සිට මියයන තෙක්ම බී.බී.සී සංදේශයේ කොළඹ වාර්තාකරු ලෙස සේවය කළා.

එල්මෝ ප්‍රනාන්දු මහතාගේ දේහය පිලිබද පිලිබද අවසන් කටයුතු ඔහුගේ ඉල්ලීම මත අද පස්වරුවේ පැලවත්ත පිහිටි රෝමානු කතෝලික දේවස්ථානයේ සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතය.

Facebook Comments

wedding people