කරුණානිධි වෙනුවෙන් සත් දිනක ශෝක කාලයක්

0

දශක අටක් දේශපාලනයේ නිරතවී පස් වතාවක් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ මහ ඇමැති පදවිය දැරූ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් නායක දක්ෂිණමුර්ති මුතුවේල් කරුණානිධි චෙන්නායි නුවර රෝහලකදී දිවි ගමන නිම කළේය.

ජුලි මාසයේ 28 වනදා සිට අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි කරුණානිධි මිය ගිය බව අගෝස්තු හත් වනදා පස්වරුවේ දැනුම් දීමත් සමග රැස් කකා සිටි දහස් සංඛ්‍යාත ජනකාය හඬා වැළපුනහ.

ඔහුට ගෞරව පිණිස අගෝස්තු 8 වැනිදා ශෝක දිනයක් ලෙස නම් කර ඇති තමිල්නාඩු ප්‍රාන්ත රජය සත් දින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මියයන විට 94 වැනි වියේ පසුවූ ඔහු සිය දේශපාලන විරුද්ධවාදීන් වූ එම් ජී රාමචන්ද්‍රන් සහ ජයලලිතා ජෙයරාම් හිටපු සිනමා තාරකා සමග තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනයට පැමිණියෙකි.

කලෙයිඥර් (කලාවේදී) නමින් හැඳින්වුනු කරුණානිධි බාල වයසේදීම පාසල් ගමන නිම කළත් තිර රචනයෙන්, ගී පබැඳුමෙන් හා දෙබස් රචනයෙන් දෙමළ සිනමාවට දායක වී ඇති අතර කවි සහ නවකතා රචනයෙන් දෙමළ සාහිත්‍යයේ නමක් දැරුවෙකි.

හිටපු මහ ඇමැතිවරයාගේ අභාවය පිළිබඳව සමාජ ජාලා ඔස්සේ පණිවුඩක් නිකුත් කල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි “තදින් මුල් බැසගත් ජන නායකයකු, මහා චින්තකයකු, නිපුණ ලේඛකයකු සහ දුගී දුප්පතුන්ගේ සුබසාධනය වෙනුවෙන් ජීවිතය කැපකළ දැවැන්තයකු” ලෙසයි කරුණානිධි හඳුන්වා දී ඇත්තේ.

Facebook Comments

wedding people