රොනී ලීච්ගේ අවසන් කටයුතු ඔක්තෝම්බර් එකොළොස් වෙනිදා

0
1396
Ivory Agency Sri Lanka
wedding people

ප්‍රහසන රංගන ශිල්පී සහ ගායක රොනී ලීච්ගේ අවසන් කටයුතු ඔක්තෝම්බර් 11 වනදා ගල්කිස්ස පොදු සුසාන භුමියේ සිදු කිරීමට සුදානම් කර ඇත.

ඔහුගේ දේහය 10 වන බදාදා සවස 6.30 සිට පසුදා දහවල් 2.00 දක්වා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබන බව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය දැනුම් දෙයි.

ඔක්තෝම්බර් 11 වනදා සවස 2.00ට ගල්කිස්ස ක්‍රයිස්ට් චර්ච් දේවස්ථානයේදී දේව මෙහෙයෙන් අනතුරුව අවසන් කටයුතු පවත්වනු ලබන බවයි එම සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් පවසන්නේ.

ඔස්ට්‍රේලියාවේ සංචාරයක් නිරත වෙමින් සිටි රොනි ලීච් ඔක්තෝම්බර් 01 වනදා හෘදයා බාධායකින් අභාවයට පත් විය.

Facebook Comments