“විස කිරි පැකට්” අපහාසයට මුජිබර්ගෙන් ඒකාබද්ධයට නඩුවක්

0
1236

විස කිරි පැකට් ලබා දුන් බවට ප්‍රචාරය කරමින් තමන්ට කරන ලද අපහාසය ගැන ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව නඩු පවරන බවට මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පවසයි.

ඒකබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද ජන බල මෙහෙයුම විරෝධතාවයට පැමිණි පිරිස් හට මුජිබර් මන්ත්‍රීවරයා විස සහිත කිරි පැකට් ලබා දුන් බවට එම විරෝධතාවයේ සංවිධායකයින් චෝදනා කර තිබුණි.

කෙසේ වෙතත් අදාළ කිරි පැකට් තුල කිසිඳුු විසක් අඩංගු වී නොමැති බව රස පරික්ෂක වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර 08 සඳුදා මාධ්‍ය වෙත කියා සිටියේය.

එම රස පරික්ෂක වාර්තාව පදනම් කර ගනිමින් තමන්ට කරන ලද අපහාසයට එරෙහිව ඒකබද්ධ විපක්ෂයට නඩු පවරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් සිලෝන් නිවුස් වෙත ප්‍රකාශ කළේය.

තමන් විසින් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව කරන ලද පැමිණිල්ල විභාගයට නොගැනීම ද ප්‍රශ්න සහගත බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

“මම ඒකාබද්ධ විපක්ෂයේ අයට විරුද්ධව පැමිණිල්ලක් දැම්මා. ඒක ගැන තාම කිසි පරික්ෂණයක් නැහැ මේක හරි ප්‍රශ්නයක්.” යැයි මන්ත්‍රී මුජිබර් රහුමාන් සිලෝන් නිවුස් හා කියා සිටියේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණයේ රස පරීක්ෂණ වාර්තාවේ දැක්වුණේ එම කිරි පැකට්ටුව තුල සයිනයිඩ්, පලිබෝධනාශක විස, ලෝහමය විෂ හෝ ඖෂධ අන්තර්ගත නොමැති බවයි.

එමෙන්ම අදාළ කිරිපැකට් විවෘත කර නොතිබු බවද රස පරීක්ෂක වාර්තාවේ සදහන් කර ඇත.

Facebook Comments

Ivory Agency Ad