විදේශීය විමසීම් වලින් පසු “පාර්ලිමේන්තුව විසුරුවීම” ප්‍රතික්ෂේප වෙයි

0

ජනාධිපතිවරයා විසින් අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යාම පිළිබඳව ජාත්‍යන්තර ආයතන කිහිපයක් හා තානාපති සේවා ඒ පිළිබඳව විමසීමෙන් පසු එම තොරතුරු ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවා හැරීමට ඉඩ තිබෙන බවට එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී පෙරේරා කර තිබූ අනතුරු ඇඟවීමක් ජනමාධ්‍ය විසින් ප්‍රමුඛස්ථානයක් දී පලකර තිබුනි.

ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය හා යුරෝපා සංගම් කාර්යාලය මෙන්ම තවත් බටහිර තානාපති කාර්යාල කිහිපයක් විසින් ජනාධිපතිවරයාගෙන් එහි සත්‍යතාව විමසූ බවයි ජනාධිපති ලේකම් කාර්යල කාර්ය මණ්ඩල සාමාජිකයකු සිලෝන් නිව්ස් හා කියා සිටියේ.

නීතිවේදීන් ගෙන්වා පාර්ලිමේන්තුව විසුරුවාලීමේ හැකියාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ගේ විමසා ඇති අතර තානාපති කාර්යාල වල මැදිහත් වීම පාර්ලිමේන්තුව විසුරුවීමේ තීන්දුව නොගැනීමට ජාත්‍යන්තර මැදිහත්වීම බලපාන්නට ඇති බවට නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි ප්‍රකාශකයා විශ්වාසය පල කළේය.

මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නාලක කලුවැවගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වුනේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් වන බවට “සංවිධානාත්මක කණ්ඩායම්” විසින් පතුරුවා හරින අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

Facebook Comments

wedding people