නුගේගොඩ රැළියට ගියොත් ප්‍රියංකරගේ බාල දියණියත් හිරේට

0
1261
Ivory Agency Sri Lanka
wedding people

ලබන (27) නුගේගොඩදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්‍ෂයේ ජන රැළි වේදිකාවට ගොඩවුණහොත් තම දියණිය අත්අඩංගුවට ගන්නා බවට ආණ්ඩුවේ පාර්ශව වෙතින් දිගින් දිගටම අනතුරු ඇගවීම් ලැබෙමින් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ පුත්තලම දිස්ත්‍රීක් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හට දන්වා ඇතැයි වාර්තා වේ.

ප්‍රියංකර ජයරත්න සඳහන් කර ඇති පරිදි මෙසේ බලපෑම් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රීක්කයේ සක්‍රිය දේශපාලනයේ නියුතු ඔහුගේ බාල දියණිය වන සචිනී ජයරත්න මෙනවිය ඉලක්ක කර ගනිමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න සිවිල් ගුවන් සේවා ඇමතිව සිටියදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජාත්‍යන්තර සම්බන්ධිකරණ නිලධාරීනිය ලෙස වැටුප් ලබා ගෙන ඇති ඇය, කිසිඳු දිනෙක රාජකාරියට වාර්තා නොකොට මුල්‍ය අවභාවිතාවක් සිදු කිරීමේ චෝදනාව මත පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාය (FCID ) විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

එම තත්වය තුල නුගේගොඩ රැළියට සහභාගී නොවන ලෙස පියංකර ජයරත්න මන්ත්‍රීවරයට උපදෙස් දී ඇති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සුදුසු වෙලාව පැමිණි පසු තමන් සමග ප්‍රසිද්ධියේ කටයුතු කරන ලෙස ඔහුට දන්වා ඇති බවද වාර්තා වෙයි.

(Srilanka Mirror)

Facebook Comments