අධ්‍යාපනය හමුදාකරණයට හා ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව සටන් වදින ක්‍රියාධරයන් මර්දනය කරන්නට ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, පොලීසිය හික්මවීමට මැදිහත් වන ලෙස සමස්ත රට වාසීන්ගෙන් ඉල්ලා තිබේ.
ශිෂ්ට හා ප්රජාතන්ත්රවාදී සමාජයක මහජන ආරක්ෂාව තහවුරු කළ යුතු වගකීම් දරන පොලිසිය, ආණ්ඩුව විසින් සිය මර්දන යන්ත්‍රයක් ලෙස භාවිත කරමින් සිටින බවයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ.
රජයේ මෙහෙයවීම මත ‘පාලක කල්ලියේ පෞද්ගලික කුලී හමුදාවක්’ ලෙස ක්‍රියා කරන ශ්‍රී ලංකා පොලිසිය හික්මවීමට මැදිහත් වන ලෙස සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව වෙත ප්‍රසිද්ධ ආයාචනයක් කරමින් සම්මේලනයේ ලේකම් ආචාර්ය රොහාන් ලක්සිරි ඒ බව සදහන් කර තිබේ.
මෑත කාලය තුල ඉහළ ගොස් ඇති අත්අඩංගුවේ මරණ, වධබන්ධන සහ හිතුමතේ රඳවා තබාගැනීම් පිළිබඳව වාර්තා වෙමින් පැවතියදී ශ්‍රී ලංකාවේ පොලිසියට ස්කොට්ලන්ත පොලිස් බලකාය විසින් දෙනු ලබන පුහුණු කිරීම් නවතා දමන්නට තීරණය පසුගිය මැයි මැයි මාසයේදී තිරණය කර තිබුනි.
“සියලුම එක්සත් ජනපද ආධාර දෙනු ලබන්නේ අපේ සාරධර්ම වලට අනුගත බවත්, අපේ දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් යුතුකම් වලටත් ගැලපෙන බවත් සහතික කෙරෙන විදේශීය ආරක්ෂක සහ යුක්ති සහාය (OSJA) දීමේ දැඩි තක්සේරුවකින් පසුව,” යැයි ස්කොට්ලන්ත පොලිස් ප්‍රධානී ගැරී රිචී බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය හමුවේ පවසා ඇත.
අගෝස්තු මස 03 වැනි දා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙ නියෝජනයක් ද සහිත ව කොතලාවල පනතට එරෙහි ව පාගමනක සහ රැස්වීමක් සංවිධානය කර තිබුනි.
එම විරෝධතා පාගමන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක සහභාගීත්වයෙන් පැවැති බවයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ.
පාගමන අවසානයේ සංකේතාත්මක ලෙස මිනීපෙට්ටි ආදර්ශයක් ගිනි තැබීම සහ මාර්ග බාධක කීපයක් පෙරලා දැමීම වැනි සුලබ ක්‍රියාමාර්ග ගැනුණු අතර එම ප්රයත්නය බිහිසුණු ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ප්‍රතිඅර්ථකථනය කර ඇති ශ්‍රී ලංකා පොලිසිය, සිය සංගමය එදින නියෝජනය කළ ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු ක්‍රියාධරයන් 15 දෙනෙකු දඩයම් කිරීමේ ප්රයත්නයකට එලඹ සිටින බව ආචාර්ය රොහාන් ලක්සිරි නිකුත් කළ නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
“නිරෝධායන නීති කඩකිරීම සහ පොදු දේපල හානි කිරීම නම් චෝදනා එම පිරිස වෙත ගොනු කරන පොලිසිය ඉතා අප්‍රසන්න-කුලීකාර භූමිකාවකට හාස්‍යජනක ලෙස ප්‍රවේශ වී ඇත. මෙම පදනම දැඩි පරස්පරයක් සේ මතු වන ලෙස තීරණ රැසක් රජය ගෙන ඇත.”
ආණ්ඩුවේ දේශපානඥයන්ගේ මැදිහත්වීමෙන් සිදුවන උත්සව හා මහජන ඒ්කරාශී කිරීම්වල දී ද රැකියාවකට යාමට බල කෙරෙන තත්වයක් තුළ පොදු ප්‍රවාහන සේවාවල එකිනෙකා තෙරපී ගමන් ගන්නා අවස්ථාවල දී ද වෙනත් මහජන ඒ්කරාශීවීම්වල දී ද ඇස්කන් පියා බලා සිටින පොලීසිය, මහජන සුබසිද්ධිය උදෙසා ඉතා අසීරු තත්වයන් යටතේ පවත්වන විරෝධතාවල දී පමණක් නිරෝධායන නීති අධිනිශ්චය කිරීම විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අප්‍රසාදයෙන් හෙලා දැක තිබේ.
“අනාදිමත් කාලයක සිට නොවිසඳුණු මහ බැංකු කොල්ලයේ සිට රජයේ දේපල වංචා සම්බන්ධව කිසිදු වරදකරුවෙකුට දඬුවම් දී නැති තත්වයන් තුළ, මාර්ග බාධක කීපයක් බිම වැටීමත් පාරේ තාර ස්වල්පයක් උණුවීමත් මහා පරිමාන පොදු දේපල හානියක් ලෙස හුවා දක්වමින් ක්‍රියාකරීන් සිරගත කිරීමට දක්වන උත්සාහය ද අපගේ බලවත් පිළිකුලට බඳුන් කරමු. මහජන විරෝධතාවක දී සිදු වූ සුලබ සහ සුළු සිදුවීම් සුවිශාල ව්‍යසනයක් ලෙස දැක්වීම අපි ප්‍රතික්ෂේප කරමු.”
වත්මන් පාලක රෙජීමයේ පෞද්ගලික අවශ්‍යතාව මත ක්‍රියාත්මක අද්‍යතන ශ්‍රී ලංකා පොලිසිය, මහජන ආරක්ෂාව සමස්ත ලෙස බාරගත් ශිෂ්ට ආචාරධාර්මික ආයතනයක් ලෙස පරිවර්තනය කර ගැනුම නම් ජාතික අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රබල ලෙස මැදිහත් වන ලෙස සමස්ත ලාංකේය ජනතාව, නීතිය හා බැඳුණු ප්‍රජාවල සිවිල් හා බහුජන සංවිධාන ජාලය, මානව හිමිකම් පිළිබඳ ක්‍රියාධරයන්, වෘත්තීය සමිති, නිදහස් මාධ්‍ය සංවිධාන සහ අන්‍ය සියලු සංවිධාන ව්‍යූහ වෙතින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඉල්ලා සිටි.
කොතලාවල පනත ඉවත්කර ගැනීම සහ ගුරු-විදුහල්පති අර්බුදය වහාම විසඳිය යුතු නමුත් ඒ වෙනුවට රටෙහි ව්‍යවස්ථාවෙන් පවා සහතික කළ මහජන අයිතියක් වන සාධාරණ මහජන විරෝධතා අයථා ලෙස මර්දනයට ඉදිරිපත් වීම යනු ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වයට ද අහිතකර ලෙස අදාළ වියහැකි බවට එම සම්මේලනය වැඩි දුරටත් අනතුරු අඟවා තිබේ.
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය රොහාන් ලක්සිරි නිකුත් කළ නිවේදනයේ තව දුරටත් සදහන්ව ඇත්තේ කොවිඩ් වසංගතය මධ්‍යයේ නිදහස් අධ්‍යාපනයටත්, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තිර පැවැත්මටත් අනර්ථකාරී ලෙස බලපවත්වන අණපනත් ගෙන ඒමට ආණ්ඩුව ගන්නා ප්රයත්නය, සිය සමාජීය වගකීම ඉටු කිරීමෙහි නිරත සියලු ම පාසැල් ගුරුභවතුන්, සරසවි ආචාර්යවරුන් හා සිසුන් මේ නිශ්චිත මොහොතේ ඉටු කරන වගකීම් සහගත මැදිහත්වීම විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නොමඳ ආචාරයට බඳුන් වන බවයි.