රාජපක්ෂවරුන්ට එරෙහි අපරාධ සම්බන්ධව පරික්ෂ පැවැත්වීමට ඉඩ ලබා නොදී “කකුලෙන් ඇද්දේ” ජනාධිපතිවරයා බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීමට වෙහෙස වු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයකු ප්‍රකාශ කර තිබේ.
“ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න හදන කොට ඒක පස්සට ඇද්දා, ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගන්න හදන කොට පොලිස් නිලධාරින්ට බැන්නා, දැන් නම් මට හිතෙනවා රාජපක්ෂල වෙනුවෙන් ඉදිරිපත් කරපු හොර අපේක්ෂකයෙක් කියලා. මොකද එතුමා අපේ ජන්ද දිනා ගත් වෙලේ ඉදන් සේවය කළේ රාජපක්ෂල වෙනුවෙන්.” යැයි මංගල සමරවීර හෙළි කළේය.
එක්සත් ජාතික පාක්ෂිකයන්ට නොයකෙුත් දේවල් ලබා දීමට ගත් උත්සාහයන් නවතා දැමු ජනාධිපතිවරයා “ඉතා පහත් ඊරිසියාකාර ග්‍රාමීය චරිතයක්” ලෙසයි මංගල සමරවීර ඇමැතිවරයා හඳුන්වා දෙනු ලැබුවේ.
මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස යෝජනා කරමින් ඔහු දිනවීමට කටයුතු කිරීම පිළිබඳව මංගල සමරවීර සමාජ මාධ්‍ය ඔස්සේ විඩියෝවක් නිකුත් කරමින් සමාව අයැද සිටී.
යළි වතාවක් පාර්ලිමේන්තුව රැස්වු වහාම බහුතර බලය පෙන්වා එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් බිහි කරන බව වැඩි දුරටත් අවධාරණය කළේය.
මේ අතර රාජපක්ෂ පාලන සමයේ සිදුවු දුෂණ වංචා සහ සියලු අපරාධ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන නවතා දමන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කළ බවට නම සඳහන් කරනවාට නොකැමති වු උසස් පොලිස් නිලධාරියෙකු සිලෝන් නිවුස් වෙත පැවසීය.
මහින්ද රාජපක්ෂ හට අගමැති ධුරය ලබා දීමෙන් පසු ජනපති මෙසේ රහස් පොලිසිය, මුල්‍ය අපරාධ ඒකකය ඇතුළු විමර්ශන ඒකක වෙත නියෝග නිකුත් කළ බවයි ඔහු සඳහන් කළේ.